(Pre-Shoot)
Magazine Albums
Enlargements
Wedding & Homecoming
ඉහත සඳහන් පැකේජයන් ඔබට සරිලන පරිදි වෙනස් කරගත හැකිය. ඊට අමතරව ඔබගේ අවශ්යාතාවය අනූව පැකජේයන් සකසා ගැනීමටද හැකි අතර එම පැකේජයන් සඳහාද රු.25,000ක දීමනාව ලබාගත හැක.
අප විසින් එක් දිනකට එක් මංගල දිනයක් පමණක් බාරගන්නා බැවින් වෙනත් පුද්ගලයින් අපගේ මංගල දිනයන් ආවරණය කිරීම් සඳහා යොදවන්නේ නැත.
කොළඹ හෝ ඇඹිලිපිටිය නගර හැර අනෙකුත් නගර වල සේවා සැපයීමට යෑමේදී 1Km සඳහා රු.40ක අයකිරීමක් සිදු වේ.
මංගල දිනයෙන් සතියක් ඇතුළත අප විසින් සියලුම ඡායාරූප ගූගල් ඩ්‍රයිව් එකකට උඩුගත කර ඔබ වෙත Link එකක් එවන අතර ඡායාරූප ඉක්මනිං තෝරාගැනීමට ඔබ විසින් අප හට සහයෝගය ලබාදිය යුතුයි.
Pre-Shoot Slideshow සහ Pre-Shoot Video පෙන්වීම සඳහා අප විසින් Projector හෝ කිසිදු උපකරණයක් සලසා නොදෙන අතර එම විඩීයෝව ලබා ගැනීම සඳහා ඔබ විසින් එදින උදෑසන හෝ එදිනට කලින් Pen Drive එකක් අපට ලබා දීමට කාරුණික වන්න.
මංගල දිනයේදී අප විසින් කලින් දැනුම් දෙන ටයිම් එකටම ෆොටෝ ලොකේශන් එකට පැමිණීම අනිවාර්ය වේ. උදෑසන 6ට පෙර ලොකේශන් එකේ සිටීමට කාරුණික වන්න. රාත්‍රී උත්සවයක් නම් අපි පෙර දැනුම් දෙන වේලාව වේ.
අපගේ පරිගණක ප්‍රින්ටර් සහ කැමරා උපාංග වැනි බොහෝ දෑ අප විසින් රැගෙන එන බැවින් ඒ සඳහා අපගේ ටීම් එකට පමණක් වෙන් වූ මේසයක් වෙන්කිරීමට කාරුණික වන්න.
මූලික ගෙවීමෙන් රු.10,000ක මුදල ගෙවීමට පෙර අපගේ සියලුම විස්තර සහ කොන්දේසි කියවා. අප විසින් නිර්මාණය කරන ඇල්බම් සාම්පල් සහ ඒවා ඩිසයින් වන ආකාරය පිළිබඳව අවබෝධයක් ගැනීමට කාරුණික වන්න.
මූලික ගෙවීමෙන් රු.10,000ක් පමණක් ලබා දී ඔබගේ දිනය වෙන්කරගැනීම හෝ වවුචරයක් ලබා ගැනීමේ හැකියාව ඇත.
මූලික ගෙවීමේ ඉතිරි රු.10,000ක මුදල මංගල දිනයට මාස 3කට පෙර සිදුකල යුතුය.
(උදා- ඔබගේ මංගල දිනය අගෝස්තු 23 නම්, මැයි 23 දින රු.10,000ක ගෙවීම සිදුකල යුතුය.)
මංගල දිනයට මාසයකට පෙර මුළු වටිනාකමින් හරි අඬක් ගෙවීම් සිදු කල යුතුය.
මුළු වටිනාකමින් රු.10,000ක මුදලක් පමණක් ඉතිරිව සියලුම මුදල් මංගල දිනය අවසානයේ ලබාදීම අනිවාර්ය වේ.
(සති 2ත් 4ත් අතර කාලයක් තුළ අප විසින් ඔබගේ පැකේජයට අදාළ සියලුම දේවල් ලබාදීමට නම් එය අනිවාර්යෙන්ම කල යුතු වේ.)
ඔබ විසින් අප ආයතනයට ලබා දෙන මූලික ගෙවීම වන 20,000ක මුදල කිසිදු හේතුවක් මත Refund කරන්නේ නැත.
මූලික ගෙවීමේ 20,000 හැර අප වෙත ලබා දෙන අනෙකුත් මුදල්ද කිසියම් හේතුවකින් ඔබගේ මංගල දිනය නවතා දැමුවොත් පමණක් ආපසු ලබා දෙන බව කාරුණිකව දැනුම් දෙන්නෙමු.
(අප වෙත ලබාදෙන දිනයෙන් සතියකට පසු අප විසින් ඔබ මංගල්‍යය නොගෙන ඇතිබවට සනාථ කරගත් පසු මුදල් නැවත Refund කරන්නෙමු.)
යම් හෙයකින් මංගල දිනයේදී ඔබ විසින් සම්පූර්ණ මුදල් ගෙවා නිම කිරීමට අපොසත්වුවහොත් මාසයකට පෙර එය ගෙවා නිමකිරීම අනිවාර්ය වේ.
මාස දෙකක් ඉක්මවූ පසු ඔබගේ පැකේජයට අදාළ අයිතම එදිනට වෙළඳපළ වටිනාකමට යටත්ව ඔබට ඉතිරි මුදල ගෙවා ලබාගැනීමට සිදුවන බව කාරුණිකව දැනුම් දෙන්නෙමු.
(ලංකාවේ ආර්ථිකය සලකා බලා මෙවැනි තීරණයක් ගැනීමට සිදුව ඇත.)